Sri Lanka Embassy in Seoul Conducts Successful Mobile Consular Service in Yangsan
About page
- Writer운영자
- Date26-04-17 15:12
- Hit417
Related Links
Main text
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් යංසාන්හී දී සාර්ථක ජංගම තානාපති සේවාවක් පවත්වයි
දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2026 අප්‍රේල් 12 වන දින යංසාන් හි සෝනාම් සැට්‍යුල් ගම්මාන මධ්‍යස්ථානයේදී "යංසාන් ලංකීය එකමුතුව" විසින් සංවිධානය කරන ලද අලුත් අවුරුදු සැමරුම්වලට සමගාමීව සාර්ථක ජංගම තානාපති සේවාවක් පැවැත්වීය.
එම සේවාවේ දී කොන්සියුලර් සේවා රැසක් සමඟ, සහභාගී වූ පිරිස අතරින් බහුතරය වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් හට රැකියා සහ සුභසාධන මාර්ගෝපදේශනය ද ලබා දෙන ලදී.
මෙම වැඩසටහන සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් “යංසාන් ලංකීය එකමුතුව” වෙත තානාපති කාර්යාලය සිය විශේෂ කෘතඥතාව පළ කරයි.
Sri Lanka Embassy in Seoul Conducts Successful Mobile Consular Service in Yangsan
The Embassy of Sri Lanka in Seoul successfully conducted a Consular Mobile Service at the Sonam Saetteul Village Center in Yangsan on 12 April 2026, parallel to the New Year Celebrations organised by the "Yangsan Lankeeya Ekamuthuwa".
During the programme, a range of consular services together with employment and welfare guidance were provided to Sri Lankan nationals residing in the region, the majority of whom are Sri Lankan Migrant Workers.
The Embassy extends its special appreciation to the “Yangsan Lankeeya Ekamuthuwa” for the support extended towards facilitating this initiative.



















