[KOR] Embassy News

Ambassador-designate of the Democratic Socialist Republic of Sri Lanka to the Republic of Korea, assumed duties.

About page

  • Writer운영자
  • Date22-06-16 09:21
  • Hit1,541

Main text

 Ambassador-designate of the Democratic Socialist Republic of Sri Lanka to the Republic of Korea, assumed duties.

  

 The Ambassador-designate of the Democratic Socialist Republic of Sri Lanka to the Republic of Korea, Mrs. Savitri Indrachapa Panabokke, assumed duties at the Embassy of the Democratic Socialist Republic of Sri Lanka in Seoul, on 13.06.2022.


 After areligious ceremony following the assumption of duties, Ambassador-designate, Mrs. Panabokke addressed the staff of the Embassy and highlighted the importance of the Sri Lanka-Republic of Korea bilateral relations and to work towards enhancing its multiple dimensions, including the political, economic, socio-cultural, religious and labour fields. Mrs. Panabokke further emphasized the importance of adopting a people centric and people friendly approach for providing consular services and labour welfare services to the Sri Lankan migrant worker community in the Republic of Korea.  

 

 A member of the Sri Lanka Foreign Service, Mrs. Panabokke counts over 22 years in the Sri Lanka Foreign Service and has held many positions in the Ministry of Foreign Affairs in Colombo and at Sri Lanka Missions abroad.


  Her service overseas includes the Sri Lanka Permanent Mission to the UN in New York, the Embassy of Sri Lanka in Vienna, the High Commission of Sri Lanka in Singapore and the Embassy of Sri Lanka and Permanent Mission to the European Union in Brussels. She has also served in various capacities at the Ministry of Foreign Affairs in Colombo, including the East Asia and Pacific Division, Economic Affairs Division, Public Communications Division and the Foreign Secretary's Bureau. She held the post of Director General of Regional Cooperation immediately prior to her assignment to Seoul.

 

 Ambassador-designate Mrs. Panabokke has a Bachelor’s Degree in English from the University of Colombo and a Master’s Degree in International Studies from the National University of Singapore.

 

Embassy of Sri Lanka

Seoul

13 June 2022


f02b7a651d7a897f143e00e0e802f4cb_1655338825_0442.jpg

Ambassador-designate , Mrs. Savitri Indrachapa Panabokke, assumed  duties at the Embassy


f02b7a651d7a897f143e00e0e802f4cb_1655338869_4424.jpg

Ambassador-designate , Mrs. Savitri Indrachapa Panabokke, with the Staff of the Embassy

 

කොරියානු ජනරජයේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පත් කරන ලද තානාපතිතුමිය​ වැඩ භාර ගන්නා ලදී.

 

කොරියානු ජනරජයේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පත් කරන ලද තානාපතිනි සවිත්‍රි​ ඉන්ද්‍රචාපා පානබොක්කේ මහත්මිය 2022.06.13 දින සෝල් නුවර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලයේදී  වැඩ භාර ගන්නා ලදී.

 

ආගමික කටයුතු වලට​ සම්බන්ධ වීමෙන් අනතුරුව වැඩ භාරගත් පානබොක්කේ මහත්මිය, තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය අමතමින් ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජයේ ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම සහ දේශපාලන, ආර්ථික, සමාජ සංස්කෘතික, ආගමික සහ කම්කරු ක්ෂේත්‍ර ඇතුළු එහි බහුවිධ මානයන් වැඩිදියුණු කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව සඳහන් කළාය. කොරියානු ජනරජයේ සිටින ශ්‍රී ලාංකික සේවක ප්‍රජාවට කොන්සියුලර් සේවා සහ කම්කරු සුබසාධන සේවා සැපයීම සඳහා ජනතා කේන්ද්‍රීය සහ ජනතා හිතකාමී ප්‍රවේශයන් අනුගමනය කිරීමේ වැදගත්කම පානබොක්කේ මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.

 

ශ්‍රී ලංකා විදේශ සේවයේ සාමාජිකාවක් වන පානබොක්කේ මහත්මිය ශ්‍රී ලංකා විදේශ සේවයේ වසර 22 කට අධික කාලයක් සේවය කර ඇති අතර කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල බොහෝ තනතුරු හොබවා ඇත. 

 

එතුමියගේ විදේශ සේවා කාලය තුල, නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය, වියානාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ යුරෝපා සංගමයේ නිත්‍ය දූත මණ්ඩලය යන ආයතන වල​ සේවය කර ඇත​. තවද​, එතුමිය කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියා පැසිෆික් අංශය, ආර්ථික කටයුතු අංශය, මහජන සන්නිවේදන අංශය සහ විදේශ ලේකම් කාර්යාංශය ඇතුළු ආයතන වල විවිධ තනතුරු දරමින් සේවය කර ඇත. සෝල්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පත් කිරීමට ප්‍රථම එතුමිය කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කලාපීය සහයෝගිතා අධ්‍යක්ෂ ජනරාල් තනතුර හොබවන ලදී.  

 

පත් කරන ලද තානාපතිනි පානබොක්කේ මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධියක් සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.

 

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

සෝල්

 

13 ජූනි 2022