소개

소개

[KOR] Embassy News

The Ambassador of Sri Lanka met with Vice President of HRDK to discuss matters relating to Sri Lankan Migrant Workers

페이지 정보

  • 작성자운영자
  • 작성일25-02-26 14:43
  • 조회1,354

본문

b0b1426dff5097788772fbe268ced5c2_1740548577_8713.jpeg

 

The Ambassador of Sri Lanka to Republic of Korea Her Excellency Savitri I. Panabokke met with Vice President of HRDK Mr. Lim Seung Mook to discuss matters relating to Sri Lankan Migrant Workers

කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිනි සාවිත්‍රි අයි. පානබොක්කේ මහත්මිය ශ්‍රී ලාංකික  ශ්‍රමිකයන් සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීම සඳහා කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය (HRDK) හි උප සභාපති Lim Seung Mook මහතා හමුවිය.


2025 වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා වන රැකියා බලපත්‍ර වැඩසටහනේ (EPS) ප්‍රගතිය සහ එහි නව ප්‍රවණතාවයන් පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ මූලික අරමුණ විය.

ඒ අනුව ශ්‍රී ලාංකිය රැකියා අපේක්ෂිත ශ්‍රමිකයින් හට නව රැකියා අවස්ථා හඳුනාගැනීමත්  ඊට අදාළ සුදුසුකම් පිළිබඳවත් අවධානයට යොමු කෙරිණි.

එමෙන්ම, කොරියාවේ සේවය නිමකර නැවත ශ්‍රී ලංකාවට පිටත්ව යන E-9 ශ්‍රමිකයින් සඳහා වෘත්තීය පුහුණු අවස්ථා වැඩි කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.

මෙම අවස්ථාව සඳහා කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය (HRDK) වෙනුවෙන්  අධ්‍යක්ෂිකා කුවන් ජී.සන්ග්, අධ්‍යක්ෂක ලී යේ වොන්,  කළමනාකරු සංග් ඉන්සෝ  සහ කළමනාකාරීනී ජන්ග්  සේ යෙන් යන නිලධාරීන්ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා හා සුබසාධන අංශයේ උපදේශක උදයංග පීරිස් සහ තෙවන ලේකම් හිරෝන් ලසන්ත යන අය ද  සහභාගී විය.