රැකියා සහ සුභසාධන

රැකියා සහ සුභසාධන

කොරියානු රැකියා සදහා පැමිණෙන නවක ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කොරියානු රැකියා සදහා පැමිණෙන නවක ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දැනුවත් කිරීම සදහා වූ මෙම වැඩසටහන කොරියානු කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්තකරුවන්ගේ සංගමය(KBIZ), ජාතික ධීවර සමූපකාර සංගමය (NFFC), කොරියානු ඉදිකිරීම් සංගමය(CAK) ආයතනයන්හි සහයෝගයෙන් යුතුව ඔවුන්ගේ පුහුණු මධ්‍යස්ථාන වලදී ක්‍රියාත්මක කරනු ලැබේ.

එහිදී පහත කරුණු පිලිබදව දැනුවත් කිරීම් සිදු කරනු ලැබේ.

  • කොරියාවේ කම්කරු නීති , රෙගුලාසි
  • රැකියා ස්ථාන ආරක්ෂාව සහ කොරියාවේ රක්ෂණ ක්‍රම
  • සේවා යෝජකයාගේ වගකීම
  • සේවකයාගේ අයිතීන් හා වගකීම්
  • යහපත් හැසිරීම හා ස්ත්‍රී පුරුෂ සංවේදීතා උපදේශනය
  • මුදල් කළමනාකරණය හා මුල්‍ය උපදේශනය
  • විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය හා එහි ප්‍රතිලාභ
  • සේවායෝජකයා හා සේවකයා අතර පවත්වා ගතයුතු අන්තර් සම්බන්ධතාවය
  • තානාපති කාර්යාල නිලධාරීන්ගේ අදාල වූ අත්දැකීම් බෙදා හදා ගැනීම
  • නිත්‍යානුකූල නොවන අයුරින් රැදී සිටීම අධෛර්යමත් කිරීම
  • කොරියානු සංස්කෘතිය හා කොරියාවේ ජිවිත්විම පිළිබඳවූ උපදේශනය

දිරිය මග දැනුවත් කිරීමේ හා සුබ සාධන වැඩසටහන

කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය , විදේශ ශ්‍රමික උපකාරක මධ්‍යස්ථාන ,කොරියාවේ ජාතික ධීවර සමූපකාර සංගමය යන ආයතනවල සහයද ඇතිව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකික ශ්‍රමික ප්‍රජාව වෙත ව්‍යාපාර දැනුම ලබාදීමේ අරමුණ පාදක කරගත් වැඩසටහනක් ලෙස දිරිය මග දැනුවත් කිරීමේ හා උපදේශන වැඩසටහන සංවිධානය කරනු ලැබේ. මෙම වැඩසටහන හදුන්වාදීමේ මුලික අරමුණ වන්නේ වීසා කාලය අවසන්ව ශ්‍රී ලංකාවට යන ශ්‍රී ලංකික ශ්‍රමික ප්‍රජාව ව්‍යාපාරයක් ඇරබීම කෙරෙහි යොමු කරවීමත් සාර්ථක ලෙස ව්‍යාපාරක් ආරම්භ කර කරගෙන යාමට අවශ්‍ය ව්‍යාපාර කුසලතා දැනුම ලබාදීමත් වේ.

එහිදී පහත කරුණු පිලිබදව දැනුවත් කිරීම් සිදු කරනු ලැබේ.

  • ව්‍යාපාර හා ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරීම, ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද? යන්න,
    සහ නව දියුණු කල හැකි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා තොරගන්නා වූ ක්ෂේත්‍ර පිලිබඳවූ මූලික වැටහීම් ලබා ගැනීමට අවශ්‍ය දැනුම ලබාදීම.
  • මූල්‍ය කළමනාකරණය, මුදල් ඉතිරි කිරීම සහ රාජ්‍ය/ පෞද්ගලික බැංකු මගින් ණය ලබා ගැනීමේ ක්‍රමවේදය
    පිළිබඳවූ උපදේශනය
  • ව්‍යාපාරයක් ඇරඹීම සදහා රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් ලබාගත හැකි උපකාර
  • ව්‍යාපාරයක් ඇරඹීම සදහා රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් ලබගත හැකි තාක්ෂණික දැනුම හා ආයතන පිලිබදව
  • කොරියාවේ සේවය කර නැවත ලංකාවට ගිය පසු සාර්ථක ලෙස ව්‍යාපාර දියුණු කරගත් පුද්ගලයින් පිළිබඳ දැනුවත් කිරීම.
  • කොරියාවේදී ලබාගත් තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් ඇරබීම සදහා යොදාගන්නේ කෙසේද? යන්න
  • සේවා කාලය නිමවා මව් රටට යන ශ්‍රමික ප්‍රජාව වෙත කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයෙන් හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාදෙනු ලබන සහය පිලිබදව.
  • වීසා නොමැතිව රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාවද ශ්‍රී ලංකාවට යාමට පොළබවා ඔවුන්ද ව්‍යාපාරයන් ඇරඹීම සදහා යොමු කරවීම.

කොරියානු සේවා යෝජකයින් ඇගයීමේ වැඩසටහන (කර්මාන්ත සංචාර)

කොරියාවේ රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බදවා ගනු ලබන කොරියානු කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර හිමිකරුවන් ඇගයීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් එම ආයතන වෙත ගොස් එම ආයතනයන්හි සේවා යෝජකයින් විසින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් රැකියාව සදහා බඳවා ගැනීම පිලිබදව ඇගයීමට ලක් කරන අතර ඔවුන් හට ඇගයීමක් වශයෙන් සමරු පලකයක් හා සිහිවටනයක් ලබාදීමට කටයුතු කරනු ලැබේ.

2014 වසරේ ආරම්භ කල මෙම වැඩසටහන මගින් කොරියානු සේවා යෝජකයින් සමග ඇති කරගත් ඵලදායි සම්බන්ධතාවය හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හට හොද ජීවන තත්වයක් හා වැඩ කිරීම සදහා වඩාත් සුදුසු පරිසර තත්වයක් ඇති කරදීමට සමත්ව තිබේ. එම නිසාම රැකියා ස්ථානයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටළු අවම කර ගැනීමේ හැකියාව උදාවී ඇත. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කොරියාවේ සේවය සදහා ඉල්ලුම් කිරීම ප්‍රවර්ධනය කිරීමටද මෙම ඵලදායි වැඩසටහන ඉවහල්වී තිබේ