රැකියා සහ සුභසාධන

රැකියා සහ සුභසාධන

අන්තර්ගතය PC අනුවාදය තුල පරීක්ෂා කළ හැකිය.
PC සංස්කරණය කෙටිමං

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත අනුව එතෙර රැකියාවක් සදහා පිටත්වන සෑම ශ්‍රී ලාංකිකයකුම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගත යුතු වේ.

දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්වන ශ්‍රී ලාංකිකයන් සදහා කාර්යාංශ ලියාපදිංචිය වසර තුනක කාලයකට වලංගු වන අතර රැකියාලාභියා තම සේවා කාලය තවත් එක් වසරක් හා මාස 10 ක කාලයක් දිගු කර ගත්තේ නම් එම කාලය සදහා නැවත කාර්යාංශ ලියාපදිංචිය අලුත් කර ගතයුතු වේ.

(රැකියාලාභියා මුලින් පැමිණි සේවා ස්ථානය මාරු කර තිබේනම් , අලුත් ලියාපදිංචියක් ලෙස සලකා ඉතිරි සේවා කාලය සදහා ලියාපදිංචිය සිදු කර ගත යුතු වේ.)

ලියාපදිංචියට අදාල ගාස්තු පහත පරිදි වේ.

ලියාපදිංචියට අදාල ගාස්තු පහත පරිදි වේ.
අංකය මුලික ගාස්තුව (රු.) ජාතිය ගොඩනැගී මේ බදු මුදල (රු.) එකතු කල අගය මත බදු මුදල (රු.) ගෙවිය යුතු මුළු මුදල(රු.) අයකළ යුතු ආකාරය
01. 15,200
(පළමු ලියාපදිංචිය සදහා)
310.00 2,327.00 17,837.00 - පළමු වරට රැකියාවක් සදහා විදේශ ගතවන්නේ නම් හෝ
- පළමු ලියාපදිංචියෙන් පසු රැකියා ස්ථානය මාරු කර තිබේ නම්
02. 3,200
(ලියාපදිංචිය අලුත් කිරීම සදහා)
65.00 490.00 3,755.00 - නියමිත ගිවිසුම් කාලය එකම සේවා ස්ථානයේ සේවය කර නැවත එම සේවා ස්ථානයේම ගිවිසුම අලුත් කර සේවය කරන්නේ නම්

ශ්‍රී ලාංකික රැකියාලාභීන් හට දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය අලුත් කිරීමේ සේවාව ලබා ගත හැකි අතර එම අවස්ථාවේදී මුලික ගාස්තුව පමණක් අය කරනු ලබන අතර බදු මුදල් අය නොකෙරේ.

පහත ලේඛන ඉදිරිපත් කිරීම මගින් තානාපති කාර්යාලයේදී හෝ තානාපති කාර්යාල ජංගම සේවාවන්හිදී ඉහත සේවාව සිදුකර ගත හැක.

  • රැකියා ලාභියාගේ ගමන් බලපත්‍රය
  • විදේශික ලියාපදිංචි හැදුනුම් පත
  • සම්පූර්ණ කරනලද අයදුම් පත්‍රය (මෙම අයදුම් පත තානාපති කාර්යාලයෙන් ලබාගත හැකිය./ තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය මගින් ද බාගත කර ගත හැක.)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාවගේ සුබසාධනය ආශ්‍රිත කටයුතු සදහා මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු සදහා මෙම ලියාපදිංචියෙන් අයකරනු ලබන මුදල් යොදා ගනු ලැබේ.

එනම් අහාර පාන,වෛද්‍ය පහසුකම් සැපයීමට අදාල රෝහල් ගාස්තු ගෙවීම , අසනීප අවස්ථාවකදී නැවත මව් රටට ගෙන්වා ගැනීමේ වියදම් සදහා මෙන්ම එතෙර දී සිදුවන මරණයක් වැනි අවස්ථාවන් වලදී දේහයන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ කටයුතු සදහා ද මෙම ලියාපදිංචියෙන් අයකරන මුදල් උපයෝගී කර ගනු ලැබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන සෑම රැකියා ලාභියකු සදහාම නොමිලයේ රක්ෂනාවරණයක් හිමි වන අතර එමගින් හිමිවන ප්‍රතිලාභ පහත සදහන් අවස්ථාවලදී ලබා ගත හැකි වේ.

  • ගිවිසුම්ගත සේවා කාලය තුල විදෙස් රැකියාවක නිරතව සිටියදී මුහුණ පෑමට සිදුවන බරපතල රෝගී තත්වයන්, හදිසි අනතුරු ,තුවාල වීම් හෝ අතවර හේතුවෙන් නැවත ශ්‍රීලංකාවට පැමිණීමට සිදුවන අවස්ථාවන් වලදී
  • ගිවිසුම්ගත සේවා කාලය තුල සේවා යෝජකයාගෙන් හෝ ඔහුගේ පවුලේ සාමාජිකයකුගෙන් සිදුවන ලිංගික අතවර හේතුවෙන් ගර්භනීතාවයට පත්වන කාන්තාවන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවන අවස්ථාවලදී.
  • ගිවිසුම්ගත සේවා කාලය තුල විදේශ රැකියාවක නිරතව සිටියදී ජිවිතක්ෂයට පත්වී වීමේදී.
  • ගිවිසුම්ගත සේවා කාලය තුල විදේශ රැකියාවක නිරතව සිටියදී මුහුණ පෑමට සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හෝ බරපතල රෝගී තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ මාස තුනක් ඇතුලත ජිවිතක්ෂයට පත් වීමේදී.
  • ගිවිසුම්ගත සේවා කාලය තුල විදේශ රැකියාවක නිරතව සිටියදී මුහුණපෑමට සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් පූර්ණ අබාධිත තත්වයට පත්වීම යන අවස්ථා වලදී.
  • ගිවිසුම් ගත සේවා කාලය තුල විදේශ රැකියාවක නිරතව සිටියදී අර්ධ අකර්මන්‍ය තත්වයට පත්වීම යන අවස්ථා වලදී.
  • අනතුරක් හෝ රෝගා බාධයක් හේතුවෙන් පවුලේ සාමාජිකයකු රෝහල් ගත වීමකදී හෝ මරණයකදී.

තව දුරටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගත වූ ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාවට හා පවුලේ සාමාජිකයින් හට පහත සුබසාධන සේවාවන් සැපයේ.

  • විගමනික ශ්‍රමිකයින් සදහා ලබාදෙන අඩු පොලි ණය පහසුකම්.
    • පෙර විගමනික ණය.
    • නිවාස ණය.
    • ස්වයං රැකියා ණය.
  • විගමනික ශ්‍රමිකයන්ගේ පාසල් , විශ්ව විද්‍යාල හා කාර්මික විද්‍යාලවල අධ්‍යාපනය හදාරන දරුවන් සදහා ශිෂ්‍යාධාර පිරිනැමීම.
  • උදව් උපකාර අවශ්‍ය විගමනික ශ්‍රමිකයින් සදහා විශේෂ සුබසාධන සහන ලබාදීම.

වැඩි දුර තොරතුරු සදහා :- http://www.slbfe.lk/page.php?LID=1&MID=39

Click here to download SLBFE Registration and Renewal Form

කළමණාකාර/ සුබ සාධන අංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය - 0112-864-117